වෘත්තිය සමිති වර්ජනය අත්හිටුවයි

අප්‍රේ 09, 2019

    අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

    ඒ දුම්රිය වෘත්තිය සමිති, ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සමඟ පැවැත්වූ සාකච්ජාවකින් අනතුරුවයි.
    එහිදී අදහස් දැක්වූ ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා...

    “ප්‍රධාන කාරණය අපි දැක්කේ 2015 ඉඳලා ආපු ප්‍රශ්නයක් සෑහෙන්න දුරට ගිහිල්ලා තියෙනවා. සාකච්ජාවේදී අපිට තේරුම් ගියා යම්, යම් අඩුපාඩු වෙලා තියෙනවා කියලා. මේ සඳහා අපි මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ජා කරන්න 18 වැනිදා රැස්වීමක් ලබාගෙන තිබෙනවා. එහිදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ තියෙන ප්‍රශ්න ටික විසඳලා දීලා ඒ අවශ්‍ය වැඩ කටයුතු ටික කරන්න යැයි“ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය

    Latest News