ඝෝෂාකාරී නලාවට තහනමක්; නව නීතියකට ජනපතිගෙන් උපදෙස් (වීඩියෝ)

අප්‍රේ 06, 2019

    ශබ්ද දූෂණය ඇති කරන අධි ඝෝෂාකාරි හෝන් පාලනයට දැඩි නීති රීති හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබෙන අතර, ඝෝෂාකාරී නාද රටා සහිත රථවාහන සඳහා වැටලීම් කි‍්‍රයාත්මක කිරීමට පොලිස්පතිවරයාට උපදෙස් නිකුත් කෙරේ.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි රාජ්‍ය ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (05) ආරක්‍ෂක අමාත්‍යාංශයේ පැවති සාකච්ජාවක දී මේ පිළිබඳ උපදෙස් ලබා දෙනු ලැබිය. පරිසර දූෂණයේ අංගයක් වන ශබ්ද දූෂණය මැඩැලීමටත් අනාගතයේ දී සංවර්ධිත විනය ගරුක රටක් බිහිකිරීමට කෙටි කාලීන හා දිර්ඝ කාලිනව ගතයුතු තීන්දු තීරණ පිළිබඳවත් මෙහිදී සාකච්ජාවට ලක් විය.

    රථවාහන නීති උල්ලංඝනය සහ ඩෙසිබල් 105 ට වඩා වැඩි නළා සඳහා අවශ්‍ය නීති කි‍්‍රයාත්මක කිරීමට ලංකාවේ සියලූම පොලිස් ස්ථාන දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් මෙහිදී රථවාහන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට දැනුම් දෙනු ලැබිය. මීට අමතරව රටේ සියලූම පාසල් සිසුන්, සියලූම මගීන් සහ රියදුරන් සම්බන්ධ කරගනිමින් නිශ්ශබ්දතා දිනයක් ප‍්‍රකාශයට පත්කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ජාවට ලක් විය.

    මෙම සාකච්ජාවේ විශේෂත්වය වනුයේ මේ සඳහා පැමිණි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් සියල්ලම සහ සියලූම ආයතන නීති රීති කි‍්‍රයාත්මක කිරීමට එකඟතාවය පළ කිරීමයි. සුරකිමු ශ‍්‍රී ලංකා, සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද හිමියන් ද පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ මධ්‍යම පරිසර අධිකාරිය, මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය, ජාතික ප‍්‍රවාහන කොමිසම ඇතුළු ආයතන නියෝජනය කරමින් නියෝජිතයන් මෙම සාකච්ජාවට එක්ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 06 අප්‍රේල් 2019 19:10

    Latest News