ඇලක වැටී දරුවෙක් මරුට

අප්‍රේ 04, 2019

    සෙවනගල ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ ඇති අනාරක්ෂිත ඇල මාර්ගයකට වැටීමෙනේ වයස අවුරුදු දෙකයි මාස හතරක දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පිහිටි සෙවනගල ගම්මානයේ කුඩා දරුවෙකි. ඊයේ(03) ප.ව 5.00ට පමණ ගෙවත්තේ සෙල්ලම් කරමින් සිටියදී නිවස ආසන්නයෙන් ගලා ගිය ඩී 7 ඇල මාර්ගයට මෙම දරුවා වැටී ඇත. එම අවස්ථාවේදී දරුවාගේ මව නිවස තුල සිට ඇති අතර ටික වේලාවකට පසු දරුවා පිළිබඳ සොයා බලන අවස්ථාවේදී ඇල මාර්ගයේ කිලෝමීටරයක් පමණ එහා ස්ථානයකදී මිය ගිය දරුවාගේ සිරුර හමු වී තිබේ.

    මෙම ඇල මාර්ගයට වැටීමෙන් මීට පෙර අවස්ථා කිහිපයකදී ද කුඩා දරුවන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ප්‍රදේවාසීහු පවසති. මෙම දරුවාගේ ජීවිතයද දෙමාපියන්ගේ නොසැලකිල්ල හේතුවෙන් අහිමි වී තිබේ. දරුවාගේ මව සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ව ළමාවිය සංවර්ධන නිලධාරි ලෙස කටයුතු කරන නිලධාරිනියෙකි.

    Latest News