විදුහල්පති පත් කිරීමටත් බොරු ප්‍රචාරයක්; ඇමති අකිල

අප්‍රේ 02, 2019

    ජාතික පාසල්වලට නව විදුහල්පතිවරුන් පත් කිරීමට ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඇතැම් පිරිස් වැරදි ප්‍රචාර ගෙන යමින් සිටින බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු ඒ ගැන පැහැදිළි කළේය.

    “ජාතික පාසල්වල පුරප්පාඩු 302ක් ඇතිවුණා ශ්‍රේණිධාරී විදුහල්පතිවරු පත් කරන්න. රාජ්‍ය සේවා කොමිසම සමඟ සාකච්ජා කරනු ලැබුවා මේ විදුහල්පතිවරු පත්කිරීම සම්බන්ධයෙන්. සම්මුඛ පරීක්‍ෂණයේදී ලකුණු දීලා තෝරා ගනු ලැබුවා. රාජ්‍ය සේවා කොමිසම එහෙමම ඒ ලකුණු ටික දුන්නා. දේශපාලන අධිකාරිය හැරෙන්න රාජ්‍ය සේවා කොමිසමට මේ හැමෝම එකතුවෙලා අදහස් කියලා, අවසාන ප්‍රතිඵලය තමයි මේ ප්‍රතිඵල ලබාදීම තහනම් කිරීම. ඉස්සෙල්ලා වගේ රාජ්‍ය සේවා කොමිසමට මේ මොනවත් දෙන්නේ නැතුව එක-එක විධියට විදුහල්පතිවරු දාන්න පුලුවන් කම තිබුණා. අපි ඒවා එහෙම නොකර රාජ්‍ය සේවා කොමිසමට ඒ බලතල දීලා අපි බලාපොරොත්තු වුණේ ඊටත් වැඩිය ස්වාධීනත්වයක්. එහෙම නැතුව රාජ්‍ය සේවා කොමිසමේ වන්දනාවේ ගිහිල්ලා මේවා වෙනස් කිරීම නොවෙයි අපි බලාපොරොත්තු වුණේ. වෘත්තිය සමිතිත් මේක වෙනත් තැනකට මේක ගෙනියන්න බලනවා. දැන් ආයිත් රාජ්‍ය සේවා කොමිසම එක්ක සාකච්ජා කරලා නැවතත් අපි ක්‍රමවේදයක් හදලා, අපිට ඕනේ මේ ප්‍රශ්නය විසඳන්න.“ යැයි අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී පැවසීය.

    Last modified on අඟහරුවාදා, 02 අප්‍රේල් 2019 20:28

    Latest News