“සුන්දර නුවරඑළිය සැළලිහිණි වසන්තය-2019“ හෙට ඇරඹේ

මාර් 31, 2019

    “සුන්දර නුවරඑළිය සැළලිහිණි වසන්තය-2019“ නුවරඑළියේ දී හෙට ආරම්භවේ.

    සමාරම්භක උත්සවය පෙ.ව. 9.30ට පැවැත්වීමට නියමිතයි. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා නුවරඑළිය මහ නගර සභාව එක්ව එය සංවිධාන කරයි. ජාතික රූපවාහිනිය ඊට අනුග්‍රහය දක්වන්නේ 16 වැනි වරටයි.

    නුවරඑළිය වසන්ත සමයට පැමිණෙන දෙස්-විදෙස් සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා වැඩසටහන් රැසක් සංවිධාන කර තිබේ. තුරඟ-තරඟ, මෝටර් රථ ධාවන තරඟ, ජල ක්‍රීඩා සහ මල් ප්‍රදර්ශන ඊට ඇතුළත්.

    පොලිතින් හා ජල බෝතල් සුදුසු ස්ථානවල පමණක් බැහැර කර, නගරයේ සුන්දරත්වය ආරක්‍ෂා කරන මෙන්, නුවරඑළිය මහනගර සභාව සංචාරකයන්ගෙන් ඉල්ලා සිටී.

    Last modified on ඉරිදා, 31 මාර්තු 2019 19:20

    Latest News