මාතර-බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය අප්‍රේල් 8 ජනතා අයිතියට

මාර් 31, 2019

    මාතර-බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය අප්‍රේල් 8 වැනිදා ජනතා අයිතියට පත් කෙරේ.

    නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ප්‍රියන්ත දීගල මහතා මේ බව කියා සිටියේ, එම මාර්ගයේ පරීක්‍ෂණ දුම්රිය චාරිකාවකින් පසු බෙලිඅත්ත නව දුම්රිය ස්ථානයේ දී.එම පරීක්‍ෂණ දුම්රිය චාරිකාව සාර්ථක බැවින්, එම මාර්ගයේ දුම්රිය ධාවනයට සියලු කටයුතු සූදානම් බව ඔහු පවසයි.

    නවීන තාක්‍ෂණය සහ උපකරණ යොදා ගනිමින් මාර්ගයේ ඉදිකිරීම් සිදුකර තිබේ. මෙය රටට සහ ජනතාවට ලැබුණු දායාදයක් බැවින් එය ආරක්‍ෂා කරගන්නා ලෙස, ඔහු දුම්රිය මගීන්ගෙන් ඉල්ලීමක් කරයි.

    Last modified on ඉරිදා, 31 මාර්තු 2019 20:31

    Latest News