පාර්ලිමේන්තු වාර අවසන්

ජන 26, 2024
    අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව වාර අවසන් කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

    ජනාධිතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, පාර්ලිමේන්තුව වාර අවසන් කර තිබෙනවා.

    පාර්ලිමේන්තු‍වේ මීළඟ සැසිවාරය පෙබරවාරි 7 වැනි දින පෙරවරු 10.30 ට ආරම්භ කරන බව, එම ගැසට් නිවේදනය මගින් දක්වා තිබෙනවා. එදින ජනධිතිපතිවරයා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News