රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය අද ආරච්චිකට්ටුවට

ජන 26, 2024
    අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය අද දහවල් 12.00 න් පසු ආරච්චිකට්ටුව බලා රැගෙන යාමට නියමිතයි. දේහය, මේ වන විට කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබෙනවා.

    දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් ජයරත්න මල් ශාලාව වෙත පැමිණෙමින් සිටිනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සනත් නිශානත මහතාගේ දේහයට ඊයේ අවසන් ගෞරව දැක්වූවා.

    එහිදී ජනාධිපතිවරයා විසින් අවමංල්‍යයේ ඉදිරි කටයුතු පිළිබඳව උපදෙස් දෙනු ලැබුවා. සනත් නිශාන්ත මහතාගේ දේහය රැගත් රිය පෙරහැර පස්වරු 2.00ට පමණ තෝප්පුව පාලම අසලට පැමිණීමට නියමිතයි.
    එහිදී පුත්තලම ජනතාව විසින්, දේහය පිළිගනු ලබන අතර, අනතුරුව දේහය රිය පෙරහැරකින් සනත් නිශාන්ත මහතාගේ නිවස වෙත රැගෙන යාමට නියමිතයි. දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා සිදු කිරීමට නියමිතයි. ඒ, රාජකදළුව රෝමානු කතෝලික පොදු සුසාන භූමියේදී.

    Latest News