ජනපති කතරගම කිරිවෙහෙර වැඳපුදා ගනී...

සැප් 10, 2022

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) උදේ කතරගම පුද බිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණා.  

    පුදබිමට පැමිණි ජනාධිපතිතුමා ප්‍රථමයෙන් ගියේ කිරිවෙහෙර රාජමහා විහාරස්ථනයටයි. විහාරධිපති පූජ්‍ය කොබවක දම්මින්ද හිමියන් බැහැදුටු ජනාධිපතිතුමා අනතුරුව කිරි‍ වෙහෙර වැඳපුදා ගත්තා. ජනාධිපතිතුමා ඉන්පසු කතරගම අභිනවාරාම විහාරස්ථානය වෙත ගොස් පූජ්‍ය කපුගම සරණතිස්ස හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.  අනුතුරුව රුහුණු මහා කතරගම දේවාලයට පළතුරු  පුජාවක් සිදු කර ආශිර්වාද ප්‍රර්ථනා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඓතිහාසික අෂ්ට පළ බෝධින් වහන්සේද වැඳ පුදා ගත්තා. කිරිවෙහෙර රාජමහා විහාරධිති පූජ්‍ය කොබවක දම්මින්ද හමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කළා. කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ  ඩිශාන් ගු‍ණසේකර මහතා ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News