සමන්තා පවර් දෙදින නිළ සංචාරයක් සඳහා දිවයිනට...

සැප් 10, 2022

    ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය දෙදින නිල චාරිකාවක් සඳහා අද දිවයිනට පැමිණියා. 

    සමන්තා පවර් මහත්මිය ඇතුළු දූත පිරිස උදේ 9.00ට පමණ කටුනායක බණඩාරනායක අන්තර් ජාතික ගුවන්තොටුපොළේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් මෙරටට පැමිණියා. ඇය පිළිගැනීම සඳහා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරින් පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

    ඇය සමඟ දූත පිරිස ලෙස තවත් සිව් දෙනෙකු චාරිකාවට එක්ව සිටිනවා.  ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සහ මෙරට ජනතාවට සහයෝගය දැක්වීම චාරිකාවේ අරමුණයි. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය දින 02ක් මෙරට රැදි සිටින අතර එහිදි ඇය අමාත්‍යවරුන්, රජයේ ඉහළ නිලධාරින් සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින් හමුවී සාකච්ඡා කිරිමට නියමිතයි.

    Latest News