අන්තර් ජාතික ‍ශල්‍ය වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් උරස් කුහර සැත්කම් පිළිබඳ වැඩමුළුවක්...

සැප් 10, 2022

    උරස් කුහර සැත්කම් පිළිබඳ නව තාක්ෂණික දැනුම සහිත විශේෂ වැඩමුළුවක්, අන්තර් ජාතික ‍ශල්‍ය වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් වැලිසර ස්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේදී ඊයේ පැවැත්වුණා.

    නව ක්‍රමවේදයකට අනුව අවම කාලයකින් සැත්කම නිම කළ හැකි ක්‍රම‍වේද හදුන්වා දීම මෙහි විශේෂත්වයක් එහි ප්‍රධාන ආරාධිතයා වුයේ, ස්පඤ්ඤ ජාතික විශේෂඥ උරස් ‍ශල්‍ය වෛද්‍ය, දියාගේ ගොන්සාලිස් රිවාස් මහතායි. සජීවී සැත්කම් සිදු කරමින්, මෙරට ‍ශල්‍ය වෛද්‍යවරුන් වෙත පුහුණුව ලබා දීම වැඩමුළුවෙදී සිදු කෙරුණා. නව ක්‍රමවේදය මගින් අවම වේදනාවක් සහිතව අඩුම කාලයකින්, පසු සංකුලතා අවම වන අයුරින් සාර්ථකව සැත්කම සිදු කළ හැකි බවයි, වි‍ශේෂඥ උරස් ‍ශල්‍ය වෛද්‍ය සුමන හඳගල මහතා සඳහන් කළේ. එමගින් රෝගින්ගේ පොරොත්තු ලේඛනයේ කාලය අවම කරමින් රෝහල් තදබදය අඩු කළ හැකි බවද  ඔහු පෙන්වා දෙනවා.  

    Latest News