අයිතිකරුවන් වගා නොකරණ කුඹුරු, වගා කිරීමට වෙනත් පුද්ගලයින්ට...

අගෝ 21, 2022

    කුඹුරු අයිතිකරුවන් සිය කුඹුරු වගා නොකරන්නේ නම්, කුඹුරු නොමැති පුද්ගලයින්ට වසර 05ක කාලයකට පවරා නැවත වගා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය අවධානය යොමුකර තිබෙනවා. 

    හැකි සියලුම පුරන් කුඹුරු වගා කිරීම මෙහි අරමුණයි. ලංකාවේ දැනට වගා නොකළ පුරන් කුඹුරු අක්කර 100,000ක් පමණ තිබෙන අතර,  ඉන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතට ඇතුළත්.  වගාකළ හැකි කුඹුරු ප්‍රමාණය අක්කර 50,000ක් පමණ වන අතර ඉතිරි පුරන් කුඹුරු ප්‍රමාණය වගා කළ නොහැකි තත්වයක පවතින බවයි,  ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසන්නේ.

    සෙසු දිස්ත්‍රික්කවල අක්කර 21,200ක පුරන් කුඹුරු ලබන මහ කන්නයේදී වගා කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.  මේ පිලිබඳ සාකච්ඡාවක් වන ජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. බස්නාහිර පළාතේ වගා කිරීමට නොහැකි පුරන් කුඹුරු ඉන්දුනීසියානු වගා ක්‍රමයක් වන "සෝජාන්" ක්‍රමය ඔස්සේ වගා කිරීමට ඇති හැකියාවද මෙහිදී සොයාබැලුණා.  "සෝජාන්" ක්‍රමය යටතේ වගුරු සහිත ඉඩම් වල එළවලු සහ පළතුරු වගාව මෙන්ම පාත්ති වටා තිබෙන ගැඹුරු ඇලවල්වල මිරිදිය මත්ස්‍ය වගාව ද  සිදුකළ හැකි බව සාකච්ඡාවේදී හෙළි කෙරුණා.

    Latest News