දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අවසන්...

ජූලි 24, 2022

    දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය අද පස්වරුවේ අවසන් කර තිබෙනවා.

    ඔවුන්, ඊයේ පස්වරු 06 සිට පැය 48 ක කාලයක් සඳහා දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කටයුතුවලින් ඉවත්වුණා. මේ හේතුවෙන් අද උදේ දුම්රියෙන් ගමන් කිරීමට පැමිණි ජනතාවට ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමකින් තොරව ගමන් කිරිමට අවස්ථාව හිමිවුණා. වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරුණ්, දුම්රිය ප්‍රවේශ පත්‍රවල මිල ඉහළ දැමීමේ ගැටලුවක් මුල් කර ගනිමින්. පසුව, ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්, දුම්රිය සාමාන්‍යාධිකාරී ඇතුළු නිලධාරීන් හා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අතර මේ පිළිබඳව අද උදේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

    Latest News