කැවුමාගේ රාවතාවත්ත නිවසින් හෙරොයින් 150kgක් (වීඩියෝ)

මාර් 11, 2019

    රුපියල් කෝටි 500 දියමන්තිය සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කැලුම් සම්පත් (කැවුමා)සැඟව සිටි මොරටුව රාවතාවත්ත නිවසක තිබී හෙරොයින් කිලෝ 150කට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

    විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අද දින මොරටුව,රාවතාවත්ත ප්‍රදේශයේ නිවසක තිබී මෙම හෙරොයින් ප්‍රමාණය අත්අඩංගුවට ගැනිණ.

    පසුගියදා (2018.03.04) පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් හෙරොයින් සමග අත්අඩංගුවට ගත් කැළුම් සම්පත් මෙම නිවසේ නවාතැන් ගෙන සිටි බවට තොරතුරු අනාවරණය වී තිබේ. කැළුම් ඉන්දික සම්පත් නමැත්තා පසුගියදා (2018.03.10) වන දින මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2019.03.22 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    Last modified on සදුදා, 11 මාර්තු 2019 20:33

    Latest News