පාරිභෝගිකයන් භුමිතෙල් ඉල්ලා හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරයි...

ජූනි 25, 2022

    භුමිතෙල් ඉල්ලා පාරිභෝගිකයන් පිරිසක් අද උදෑසන (25) හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරතවිය.

    හැටන් නගරයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලකින් අද (25) දින භුමිතෙල් මිල දි ගැනිමේ අපේක්ෂාවෙන් පෝලිම් වල රැදි සිටි 2,000 පමණ පාරිභෝගිකයන් පිරිසක් මෙසේ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත විය. ඉකුත් (09) දිනයෙන් පසු හැටන් ප්‍රදේශයට භුමිතෙල් තොග නොලැබුණු බවත්, දිනපතා තමන් පැය ගණනාවක් පෝලිම්වල රැඳී සිට ආපසු හිස් අතින් නිවෙස් කරා යන බවත් උද්ඝෝෂණයේ නිරතව සිටි පාරිභෝගිකයන් ප්‍රකාශ කර ඇත. පාරිභෝගිකයන් (24) දින රාත්‍රියේ සිටම ඉන්ධන පිරවුම්හල අසල පෝලිම් වල රැදි සිටි අතර , එම පිරිස වැඩිදුරටත් කියා සිටියේ හැටන් ප්‍රදේශයේ පවතින ගෑස් හිගය , විදුලි කප්පාදුවට අමතරව, තමන් භුමිතෙල් නොමැතිවීම හේතුවෙන් ද දැඩි පිඩාවට පත්වි සිටින බවයි. හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය කල වාහන උද්ඝෝෂණය හේතුවෙන් විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවිමට හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කර තිබුණි.

    Latest News