සහල් මෝල් හිමියන් සහ අගමැතිතුමා අතර හමුවක්....

ජූනි 15, 2022

    ඉදිරියේදී, ආහාර තොග රැස්කර තබාගැනීම වැළැක්වීම සඳහා සහල් මෝල් හිමියන් සහ මහාපරිමාණ වී ගබඩා හිමිකරුවන් පාලනයවන පරිදි, නව නීති සම්පාදනය කරන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කරනවා.

    සහල් මෝල් හිමියන් මුහුණ දෙන මූල්‍ය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ හමුවේදී, අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. හමුව අදත් පැවැත්වුණේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී. රාජ්‍ය සහ වාණිජ බැංකු, මහ බැංකු සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරින් ද මේ අවස්ථාවට එක්ව සිටියා. ණය ලබාදීමේදී‍, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව ණය ලබාදීමට ක්‍රියාකරන ලෙසද, අගමැතිතුමා රාජ්‍ය බැංකුවලට දැනුම් දුන්නා.

    ණය ලබාදීමේදී ප්‍රතිපත්ති නිරීක්ෂණය කරන්නැයි, මහ බැංකුවට සහ භාණ්ඩාගාර නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා. සහල් මෝල් හිමියන් විසින් ඉල්ලා සිටින ණය පහසුකම් ප්‍රමාණවත් පරිදි ලබා නොදීම මෙන්ම, සහල් තොග සඟවා ගැනීම් ද සිදුවන බව, අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා මෙහිදී කියා සිටියා.

    Latest News