විදුලිබල පනත අද (15) සිට නව ප්‍රතිපත්තියක් ලෙස නීති පද්ධතියට....

ජූනි 15, 2022

    ශ්‍රී ලංකා විදුලිබල පනත අද (15) සිට නව ප්‍රතිපත්තියක් ලෙස මෙරට නීති පද්ධතියට ඇතුලත් වනවා.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පනත් කෙටුම්පතට අත්සන යෙදීමෙන් අනතුරුව එය අද නීතියක් බවට පත්වුණා. 2022 අංක 16 දරණ පනත ලෙසයි, මෙය හැඳින්වෙන්නේ. මෙම පනත් කෙටුම්පත පසුගිය 9වැනිදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සංශෝධන රහිතව සම්මත වුණා.

    යම් තැනැත්තෙකුට විදුලිබලය උත්පාදනය කිරීමේ බලපත්‍රයක් නිකුත් කිරිම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබාදීම මෙම පනතින් සිදු කෙරෙනවා. යම් තැනැත්තෙකුට උත්පාදන ධාරිතාව මෙගාවොට් 25 ඉක්මවා හෝ අභිබවා විදුලිබලය උත්පාදනය කිරීමේ බලපත්‍රයක් නිකුත් කිරීමට ඇති සීමා ඉවත් කිීරීම මින් සිදුකෙරෙනවා. එමෙන්ම, උත්පාදන ධාරිතාව පිළිබඳ යම් සීමා නියමයන් කිරීමකින් තොරව ඕනෑම තැනැත්තෙකුට ඒ සඳහා ඉල්ලුම කිරීමට ද මෙමගින් අවසර හිමි වනවා.

    Latest News