ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ වෙසක් පොහොය අදයි...

මැයි 15, 2022

    සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීම සහ සම්බුද්ධ පරිනිර්වාණය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ වෙසක් පුර පසළොස්වක පොහොය අදයි.

    ලොව පුරා සැදැහැවතුන් සම්බුදු තෙමඟුල සමරමින් ආගමික වතාවත්වල නිරත වනවා. බුදුවරයෙකු ලොව පහළ වීම කල්ප ගණනාවකින් සිදුවන දුර්ලභ හා උත්තරීතර සිද්ධියක් බව, බෞද්ධ දර්ශනයේ පිළිගැනීමයි. කිඹුල්වත්පුර ලුම්බිණි සල් උයනේදී වෙසක් පොහෝ දින උත්පත්තිය ලැබූ සිදුහත් කුමරු චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගනිමින් සම්මා සම්බුද්ධත්වයට පත්වුයේ ද අද වැනි දිනකයි.

    උන්වහන්සේ මිනිස් වර්ගයාට ජිවිතාවබෝධය ලබාදී නිර්වාණ මාර්ගය පෙන්වා දී තිබෙනවා. බෝසතාණන් වහන්සේ දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබීම, බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කිරීම, ශක්‍යයන්ගේ මානව බිඳලීමට යමාමහ පෙරළහර පෑම, තෙවැනි ලංගා ගමනය හා සමනොළ ගිරි සිරස මත සිරිපා සළකුණ සටහන් කිරීම වෙසක් පොහොය දින හා බැඳුණු තවත් වැදගත් සිදුවීම් කිහිපයක්. පන්සාළිස්වසක් ශ්‍රී සද්ධර්මය දේශනා කළ බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල් උයනේදී පරිනිර්වාණයට පත් වුයේ ද අද වැනි පොහෝ දිනකයි. බුදු දහමින් පෝෂණය වූ ලක්වැසියන් අතීත රජ දවසේ සිට ශ්‍රද්ධා පෙරදැරිව වෛශාක්‍ය මංගල්‍යය උත්සවශ්‍රීයෙන් සමරනවා.

    Latest News