බක් පුර පසලොස්වක බොහොය දිනය අදයි...

අප්‍රේ 16, 2022

    බුදුරජාණන් වහන්සේ දෙවැනි වරට මෙරටට වැඩම කරවීම සිහිපත් කෙරෙන බක් පුර පසලොස්වක බොහොය දිනය අදයි.

    බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසකට මුල්වූ දිනයක් ලෙස බක් පුර පසලොස්වක පොහොය දිනය සැලකෙනවා. චූලෝදර මහෝදර නාරජුන්ගේ මැණික් පුටුවේ කලහය සංසිඳුවීම පිණිස බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කළේ අද වැනි දිනකයි.

    මණිඅක්ඛිත නා රජු බුදුරජාණන් වහන්සේට, කැලණියට වැඩම කරන ලෙස ආරාධනා කළේ ද බක් පොහොය දිනයේදීයි. සිදුහත් කුමරු සතර පෙරනිමිතිවල මුල් නිමිත්ත දුටුවේද අද වැනි දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සෑම පුර පසලොස්වක පොහොය දිනකම සංවිධානය කරන "සද්ධර්ම වර්ෂා" ආගමික වැඩසටහන් අද දවස පුරා සජීව ලෙස විකාශය කෙරෙන්නේ රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේ සිටයි. ශීල වැඩසටහන්, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද බෝධි පූජා ඇතුළු වැඩසටහන් රැසක් ඊට ඇතුලත්.

    Latest News