පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න...

මාර් 29, 2022

    පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල මූලාශ්‍රයන්හි ජල මට්ටම පහළ බැසීම ඊට හේතුවයි. පානීය ජල සැපයුම සීමාසහිත වුවද, එය සැමට සමසේ බෙදා හැරිය යුතු බැවින් ජලය අත්‍යවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් භාවිත කරන ලෙසයි, මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මෙවැනි තත්වයකදී උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේදී අඩු පීඩන තත්වයක් ඇති විය හැකියි.

    එමෙන්ම වරින් වර සිදුවන විදුලි විසන්ධිවීම් ද, විධිමත් හා අඛණ්ඩ ජල සැපයුමකට බාධා එල්ල කොට තිබෙනවා. ජල සැපයුම සම්බන්ධයෙන් වැඩිදුර විස්තර 1939 යන දුරකතන අංකයෙන් විමසිය හැකි බවයි, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙන්නේ.

    Latest News