නවීකරණයක කළ ධර්මපාල උද්‍යානය අද විවෘත කෙරේ

පෙබ 17, 2022

    නවීකරණය කරන ලද ගාල්ල කොටුපවුර අසළ පිහිටි ධර්මපාල උද්‍යානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) විවෘත කෙරේ.

    ධර්මපාල උද්‍යානය නිසි නඩත්තුවක් නැතිවීම හේතුවෙන් ඉකුත් සමයේදී විනාශයට පත්වෙමින් තිබිණි.

    වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ විසින් නාගරික සංවර්ධන අමාත්‍ය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් කළ වි‍ශේෂ ඉල්ලීමක් අනුව නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ගාල්ල, ධර්මපාල උද්‍යානයේ නවීකරණ කටයුතු සිදු කෙරිණ.

    මෙය ගාල්ල නගරයේ ඇති දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් ස්ථානයක්.

    ක්‍රීඩා භාණ්ඩ සහිත ළමා ක්‍රීඩා පිටියක්, නවීණ ආලෝක කරන පහසුකම් සහිත එළිමහන් රංග ශාලාවක්, නව ආපනශාලාවක් හා වැසිකිළි කැසිකිළි පහසුකම්වලින්ද මේ උද්‍යානය සමන්විතයි.

    Latest News