ශ්‍රී ලංකාව කොරෝනා සංචාරක අවදානම අඩු රටක් ලෙස නම් කෙරේ

පෙබ 09, 2022

    ශ්‍රී ලංකාව කොරෝනා සංචාරක අවදානම අඩු එනම් තුන්වැනි මට්ටමේ රටක් ලෙස අමෙරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නම් කර තිබේ. ශ්‍රි ලංකාව මීට පෙර සිව් වැනි මට්ටමේ අවදානම් සහිත රටක් ලෙස නම් කර තිබූ අතර ඊට රටවල් 135ක් ඇතුළත්.

    රටේ ජනගහනයට සාපේක්ෂව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව මත අවදානම තීරණය කෙරේ. ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ව්‍යාපෘතියේ සාර්ථකත්වය ඊට බලවා ඇති බවයි එම මධ්‍යස්ථානය පවසන්නේ.

    මේ අතර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ, වැඩිම අවදානමක් සහිත රටවල් අතුරින් ශ්‍රී ලංකාව අවම ස්ථානයකට පත්ව තිබෙන බවයි. 

    Last modified on බදාදා, 09 පෙබරවාරි 2022 12:12

    Latest News