ඇල්ලවල දිය ඇල්ලේ නෑමට ගිය 3ක් මරුට....(වීඩියෝ)

පෙබ 05, 2022
  • වැල්ලවාය, ඇල්ලවල දිය ඇල්ලේ නෑමට ගිය තිදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

    පොලිසිය සඳහන් කළේ අනතුර අද උදේ සිදුව ඇති බවයි. මාතර ප්‍රදේශයේ සිට පැමිණ ඇති 06 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇල්ලවල දියඇල්ල නරඹා පසුව එහි දියනාමින් සිටියදී සිව් දෙනෙක් එක්වරම දියේ ගිලී ගොස් තිබෙනවා. ප්‍රදේශවාසීන් විසින් එක් අයෙකු බේරාගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. අනෙක් තිදෙනා අතුරුදන්ව තිබූ අතර, ජලයේ කිමිදී සිදු කළ මෙහෙයුමකින් පසු දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට හැකි වුණා. අද පස්වරුව වන විටත්. අනෙක් තැනැත්තාගේ සිරුර හමුවී නැහැ. මියගිය තිදෙනාම වයස අවුරුදු 50ත්, 55ත් අතර පුද්ගලයන්.

    මෙම දිය ඇල්ලේ නෑමට පැමිණි එකම පවුලේ පියා, දියණිය සහ පුතා ද ඉකුත් වසරේ ඔක්තෝබර් මස 20 වැනිදා දියේ ගිලීමෙන් මරණයට පත්වුණා. ඉන් අනතුරුව දිය ඇල්ලට ප්‍රවේශවීම වැල්ලවාය ප්‍රාදේශීය සභාව විසින් කම්බි වැටක් ගසා වසා දමනු ලැබුවා. ඊට මසකට පමණ පෙර ද මේ ස්ථානයේ පුද්ගලයන් දෙදෙනෙකු ගිලී මියගොස් තිබුණා. ප්‍රදේශවාසීන් පවසන්නේ, දිය ඇල්ල සහිත ස්ථානය නොගැඹුරු බවක් දක්නට ලැබුණ ද ජල කඳ කඩා හැලෙන ස්ථානයේ ගල් කුහර තිබීම නිසා මෙහි දියනෑම දැඩි අනතුරුදායක බවයි.

    Latest News