මව්බිමට රැගෙන ආ ප්‍රියන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා....(වීඩියෝ)

දෙසැ 06, 2021
  • පකිස්තානයේ දී අමානුෂික අයුරින් ඝාතනය වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහය අද (06) මව්බිමට රැගෙන එනු ලැබුවා.

    ඒ, කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළින්. ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ එල් 186 දරණ ගුවන් යානය අද සවස 5.00ට පමණ පකිස්තානයේ ලාහෝර්හි සිට මෙරටට පැමිණියා. එම අවස්ථාවට රජය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා, මෙරට පකිස්තානු නියෝජ්‍ය මහ කොමසාරිස් ඇතුළු පිරිසක් පැමිණියා. පසුව දේහය ඥාතීන් වෙත බාර දී තිබෙනවා. ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා පොල්හේන පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.

    Latest News