රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි අභාවප්‍රාප්ත වෙයි...

දෙසැ 04, 2021

    වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පියෙකු වූ සරත් චන්ද්‍රසිරි මහතා අද අභාවප්‍රාප්ත වුණා.

    මියයන විට ඔහුගේ වයස අවුරුදු 57 ක්. වෑකඩ බෞද්ධාලෝක මහා විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ සරත් චන්ද්‍රසිරි මහතා 80 දශකයේ ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ වුණා. ජනක් ප්‍රේමලාල්ගේ, අබුද්ධස්ස කෝලම, රාජකපුරු, ජයලත් මනෝරත්නයන්ගේ තලමල පිපිලා, ගුරුතරුව, අන්දරේලා ආදී වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වුණා.

    ජාතික රූපවාහිනියේ විකාශය වූ මිරිඟුතෙර, වසන්ත කුසලානය, අසනිවැසි, උඩු සුළඟ ආදී ටෙලි නාට්‍ය රැසකට රංගනයෙන් දායකවූ ඔහුට 2006 වසරේදී රයිගම් ටෙලි සම්මාන උළෙලේදී හොඳම සහය නළුවාට හිමි සම්මානය ද හිමි වුණා. එමෙන්ම චිත්‍රපට රැසකටද ඔහු රංගනයෙන් දායකවී තිබෙනවා.

    Latest News