පොලිස් නිලධාරීන් 12 දෙනෙකුට ස්ථාන මාරුවීම්

නොවැ 03, 2021

    වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් ඇතුලු පොලිස් නිලධාරීන් 12 දෙනෙකුට ස්ථාන මාරු ලබාදී තිබේ.

    එම පිරිසට පොලිස් අධිකාරීවරයෙක්, සහකාර පොලිස් අධිකාරීවරුන් 08 දෙනෙක් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක් අයත් බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

    ඒ අනූව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ එම් වීරක්කොඩි ස්ථාන මාරු කර ඇත්තේ කලුතර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට පරිසර ආරක්ෂණ කොට්ඨාසය වෙතයි.

    දූෂණ විරෝධි කමිටුව සහ එහි ලේකම් කාර්යාලය මඟින් කරන ලද කාර්යයන් පිළිබඳ විමර්ශණය කිරීම සඳහා පත් කර ඇති විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පොලිස් අධිකාරී ඩී එස් අයි අතුල අමරසිංහ ගොඩනැගිලි කොට්ටාසය වෙත මාරු කර තිබේ.

    ඊට අමතරව සහකාර පොලිස් අධිකාරීවරුන් වන ඩබ්ලිව් එල් යූ සමරසිංහ, බී එල් ඒ ප්‍රසන්න, පී ආර් සී ද සිල්වා, ඕ වී ආර් පී ඕලුගල, සී ඒ පුල්වංශ, එන් පී සූරියාරච්චි, ඒ එච් බී එම් ඒ ඩබ්ලිව් ඩී බී හපුගොඩ සහ ජී එච් පී ජී ප්‍රසන්න ස්ථාන මාරු කර ඇති පොලිස් නිලධාරීන් අතරට අයත්.

    පොලිස් මූලස්ථානය පවසන්නේ, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් වන එස් ඕ ඒ ටී එම් කුමාර සහ එම් ආර් එස් තිස්ස කුමාර ද ස්ථාන මාරු කර ඇති බවයි.
    මෙම ස්ථාන මාරුවීම් සිදු කර ඇත්තේ සේවා අවශ්‍යතා මත මහජන ආරක්ෂක අමාත්‍යංශය ලේකම්වරයාගේ අනුමැතිය පරිදියි.

    Latest News