"කඩතුරාව" ග්‍රන්ථය අගමැතිට....(වීඩියෝ)

ඔක් 15, 2021
  • දෘශ්‍යාබාධිත පුද්ගලයන්ගේ නිර්මාණ ඇතුළත් කඩතුරාව ග්‍රන්ථය ඊයේ එළිදැක්වුණා.

    ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී. ජාත්‍යන්තර සුදු සැරයටි දිනය සැමරුමට සමගාමීවයි එය සංවිධාන කර තිබුණේ. දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන බාර අරමුදලේ ප්‍රකාශනයක් ලෙස එය එළිදැක්වුණා. එම ග්‍රන්ථය, අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වනු ලැබුවේ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින්.

    ජාත්‍යන්තර සුදු සැරයටි දිනය නිමිත්තෙන් සංවිධාන කෙරුණු දෘශ්‍යාබාධිත නිර්මාණකරුවන්ගේ කෙටි කථා සහ පද්‍ය රචනා තරගයෙන් තෝරාගත් නිර්මාණ ඇතුළත් කරමින් එම නිර්මාණ ග්‍රන්ථය ප්‍රකාශයට පත්කර තිබෙනවා. වාර්ෂිකව පැවැත්වෙන සුදු සැරයටි පාගමන හා සැමරුම් දින උත්සවය කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර සංවිධාන කර තිබුණේ නැහැ.

    ජාත්‍යන්තර සුදු සැරයටි දිනය සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යතුමා, දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා මහතාට සුදු සැරයටියක් පිරිනැමුවා.

    Last modified on සිකුරාදා, 15 ඔක්තෝබර් 2021 19:21

    Latest News