කොරියාවෙන් තවත් කොවිඩ්-19 ආශ්‍රිත වෛද්‍ය උපකරණ තොගයක්...

ඔක් 06, 2021

    කොරියානු ජනරජය විසින් කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (KOICA) හරහා ඇ.ඩො. 450,000 ක වටිනාකමින් යුත් පීසීආර් පරීක්ෂණ කට්ටල සහ වේගවත් පරීක්ෂණ සඳහා වන පීසීආර් යන්ත්‍ර පහක් ද ඇතුළත් උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇත.  

    කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් මැතිතුමා කොරියානු ජනරජයේ මෙම පරිත්‍යාගය, කොළඹ විදේශ අමාත්‍යංශයේ පැවැති උත්සවයක දී ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා වෙත භාරදෙන ලදි. මෙම අවස්ථාවට විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්.එම්.එස්. කේ. රත්නායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    Latest News