බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ගුණ සමරුව අද...

සැප් 26, 2021

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ සහ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ 62 වැනි ගුණ සමරුව අදට යෙදී තිබේ.

    ඒ නිමිත්තෙන් සංවිධාන කෙරුණු විශේෂ උත්සවයක් නිට්ටඹුව, හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අභියසදී අද (26) පැවැත්විණ. උත්සවය සංවිධාන කර තිබුණේ, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්. සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. අභාවප්‍රාප්ත හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 21 වැනි ගුණ සමරුව සහ අනුර බණ්ඩාරනායක මහතාගේ 13 වන ගුණ සමරුව ද මීට සමගාමීව පැවැත්විණ.

    මෙරට දේශපාලනයේ කැපී පෙනෙන නායකයෙකු වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවනු ලැබීය. ඒ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේග එක්කරමින්. ජනතා හිතවාදී තීරණ රැසක් රටට හඳුන්වාදුන් බණ්ඩාරනායක මැතිතුමා වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් මියගියේ 1959 සැප්තැම්බර් 26 වැනි දිනයි.

    Latest News