සෝමාවතිය වන අලීන් ගම්වල සැරිසරයි....(වීඩියෝ)

සැප් 26, 2021
  • පොළොන්නරුව සෝමාවතිය ජාතික වනෝද්‍යාන‍යේ සැරිසරන වන අලි 300ක්, 400ක් පමණ ගම්වදින බව ප්‍රදේශවාසීන් පවසයි.

    වන අලි පල්ලියගොඩැල්ල මාර්ගය හරහා පැමිණ තලාකොළවැව, පටුණුගම, රත්මල්යාය, කුමුදුපුර, විජයපුර ආදී ගම්වලට ආහාර සොයා පැමිණ යළිත් සෝමාවතිය ජාතික වනෝද්‍යානයටම ගමන් කරයි.

    විදුලිවැට බිඳ වැටී ඇති නිසා වන අලින් ගම්වදින බව, ප්‍රදේශවාසීන් පවසයි. වන අලි මංකඩ සකස්කර විදුලිවැට සුරක්‍ෂිත කරදෙන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

    කරුවලගස්වැව, මීගස්වැව කුඹුරු යායක ඉදිකළ අනාරක්‍ෂිත වගා ළිඳකට වැටි සිටී ඇතින්නක් ගම්වාසීන් හා වනජිවි නිලධාරීන් එක්ව මුදාගනු ලැබීය. මෙලෙස මුදාගත් ඇතින්න 25 හැවිරිදි වියේ පසුවන බව, වනජිවි නිලධාරීන් පවසයි.

    Last modified on ඉරිදා, 26 සැප්තැම්බර් 2021 13:16

    Latest News