ගැමි ආර්ථිකය නැංවීමට පියවර

සැප් 26, 2021

    ග්‍රාමීය ජනතාවගේ ආර්ථික සංවර්ධනය කිරිමේ රජයේ වැඩසටහන යටතේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මගින් කුකුලු පැටව් දස දෙනා බැගින් ගොවි පවුල් 150 කට පැටවුන් 1,500 ක් බෙදා දීම ඊයේ (25) ගම්පොළ දී සිදු විය.

    ගම්පොල මැතිවරණ කොට්ඨාසයේ ගොවි ජනතාවට මෙම ප්‍රතිලාභය ලැබුණේ වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ ඉල්ලීම අනුවය. මේ අතර ගම්පොල ප්‍රදේශයේ එළවළු ගොවින්ට තම නිෂ්පාදන හානියකින් තොරව ප්‍රවාහනය කීරිම සදහා එළවලු කූඩ බෙදා දීමක්ද සිදු විය.

    ගොවීන් 150 දෙනෙකුට මෙම එළවලු කූඩ ලබාදීමක් ද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතින් සිදු විය.

    Last modified on ඉරිදා, 26 සැප්තැම්බර් 2021 12:40

    Latest News