එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරය අමතමින් විදේශ අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
කවුන්සිලය මගින් ඉදිරිපත් කර ඇති 46/1 යෝජනාව ප්‍රතික්ෂේප කරන බව ද අමාත්‍යවරයා මානව හිමිකම් කවුන්සිලයට යළි දැනුම් දෙයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරය ඊයේ ආරම්භ විය. සමාරම්භක සැසිවාරයේ දී වාචික වාර්තාව ඉදිරිපත් කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාව පිළිබඳ තම කාර්යාලය විසින් සිදු කරන ලද නිරීක්ෂණ සම්බන්ධයෙන් කරුණු ගෙනහැර දැක්වීය.
ඒ සඳහා වන පිළිතුරු දේශනය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවට අද ඉඩකඩ ලබාදී තිබිණ. මාර්ගගත තාක්ෂණය ඔස්සේ සමුළුව වෙත පණිවුඩයක් ලබා දෙමින් අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණය සමග අඛණ්ඩව සහයෝගීතාව පවත්වාගැනීම සඳහා ශ්‍රී ලංකාව ක්‍රියා කර ඇති බව කරුණු සහිතව පෙන්වා දුන්නේය.