පෑලියගොඩ සීනි ගබඩාවකට මුද්‍රා තැබේ

සැප් 08, 2021

    පෑලියගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස සීනි සඟවා තිබූ ගබඩාවකට අද පෙරවරුවේ මුද්‍රා තැබිණ.

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ, එහි තිබූ සිනී තොගය මෙට්‍රික් ටොන් 1,800ක් බවයි. මෙම ගබඩාව පෑලියගොඩ නුගේපාර ඥානම්ගේ සීනි ගබඩාව ලෙසිනුයි හැඳින්වෙන්නේ.

    එය රජයේ ලියාපදිංචි ආයතනයක් වුවද සීනි ගබඩා කිරීම් නීතිවිරෝධී බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ.

    සීනි තොගය සතොස ආයතනයට ලබාදීමට නියමිතයි.

    Latest News