පින්නවලට නිවුන් අලි පැටවුන් දෙදෙනෙක්

අගෝ 31, 2021

    පින්නවල අලි සංරක්‍ෂණාගාරයේ සිටින සුරංගි නමැති කෙනෙර නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු බිහිකර තිබේ.

    පින්නවල අලි සංරක්‍ෂණාගාර ඉතිහාසයේ නිවුන් අලි පැටවුන් බිහිවූ ප්‍රථම අවස්ථාව මෙයයි. පළමු පැටවා අද අලුයම 4.30ට පමණ උපත ලැබූ අතර, දෙවැන්නා බිහි කෙරුණේ පෙරවරු 10.00ට පමණ.

    දැනට දශක 2කට පමණ පෙර ත්‍රිකුණාමලය සුරංගල්ගම ප්‍රදේශයේ මවගෙන් මඟහැරී සිටියදී වනජීවි දෙපාර්තමේන්තුව විසින් සුරංගි නමැති කෙනෙර සොයා ගනු ලැබීය. අනතුරුව, කෙනරව පින්නවල අලි සංරක්‍ෂණාගාරයට බාරදී ඇති අතර, එහි ගෙන එන විට ඇයගේ වයස අවුරුද්දක් පමණ වේ.

    වයස අවුරුදු 24ක් වූ සුරංගි, යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වන බව, පශු වෛද්‍යවරු ප්‍රකාශ කළේය. මව සහ පැටවුන් වෛද්‍යවරුන්ගේ අධීක්‍ෂණය යටතේ ආරක්‍ෂා සහිතව පසුවේ.

    Latest News