පලාලී ගුවන් තොටුපල සංවර්ධනයට අගමැති නිරික්ෂණයක

පෙබ 14, 2019

    යාපනය පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ප්‍ර‍මාද නොකර වහාම ක්‍රියාත්මක කල යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍සිංහ මහතා පවසයි.

    ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සියලු ආයතන එක්ව කටයුතු කිරීමේ වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍සිංහ මහතා පලාලි ගුවන්තොටුපොළ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අද (14) මේ බව කියා සිටියේය. ව්‍යාපෘති සංවර්ධනයට වැය කිරීමට අපේක්ෂා කරන මුදල රුපියල් බිලියන 20කි.

    මෙම අවස්ථාවට ප්‍ර‍වාහන සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ද එක් විය.

    palali1 px 900 19 02 14

    palali2 px 900 19 02 14

    Latest News