ගුවන් හමුදාවෙන් තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක

අගෝ 24, 2021

    'කොවිඩ්-19' ආසාදිතයින් හට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා වෙත නිළ වශයෙන් භාරදිම ඊයේ (23) සිදු විය.

    ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් බී ඒ එම් පී බාලසූරිය මහතා විසින් එය සිදු කළේය.

    ශ්‍රි ලංකා ගුවන් හමුදා කටුනායක මුලික කඳවුරු සාමාන්‍ය ඉංජිනේරු පක‍ෂාංගය හා ගුවන් හමුදා රත්මලාන මුලික කදවුරු විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගය එක්ව නිෂ්පාදනය කරන ලද මෙම තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගැනීමට නියමිතයි.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මේ වනවිට නිෂ්පාදනය කරනු ලැබු තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයන් දිවයිනේ කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් රැසක් වෙත ලබා දී ඇති අතර ඒ අනුව ගම්පහ රෝහලට ඒකකයක්, තෙල්දෙණිය රෝහලට ඒකකයක්, පේරාදෙනිය රෝහලට ඒකකයක්, රාගම රෝහලට ඒකක 05 ක්, කළුබෝවිල රෝහලට ඒකක 02 ක් වශයෙන් ලබා දී ඇත.

    තවද සෞඛ්‍ය අංශවල ඉල්ලීම පරිදි ගුවන් හමුදාව විසින් මෙම ඒකකයන් විශාල වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.

    Latest News