ටිපර් රථයක් යතුරු පැදියක ගැටීමෙන් අයෙක් මරුට

මැයි 02, 2021

    තිස්ස-මාතර ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට මල්පෙත්තාව ප්‍රදේශයේදී ටිපර් රථයක් යතුරු පැදියක ගැටීමෙන් යතුරු පැදියේ පිටුපස ගමන් ගත් තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් තිබේ.

    යතුරු පැදිය පැදවූ තරුණයා මාර්ගයෙන් ඉවතට විසිවී ඇති අතර, පිටුපස ගමන්ගත් තරුණයා ටිපර් රථයට යටවීමෙන් මියගොස් ඇත. ඔහු නුවර ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්. ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

    Latest News