අද (02) ගතවූ පැය 24 තුළ කොවිඩ් මරණ 09ක්

මැයි 02, 2021

    අද (02) ගතවූ පැය 24 තුළ මෙරටින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී 09ක් මියගොස් ඇත.

    ඔවුන් රුවන්වැල්ල, කඳාන, අවිස්සාවේල්ල, දේවාලේගම, මාවනැල්ල, යක්විල, වලපනේ, කුලියාටිය සහ රත්නපුර යන ප්‍රදේශවල පදිංචි අයවේ. අද වනවිට මෙරටින් කොවිඩ්-19 ආසාදිත සම්පූර්ණ මරණ සංඛ්‍යාව 687 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 113ක් තුළ පුද්ගලයින් 11,212ක් නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    Latest News