අද (02) දිනට මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 1716ක්

මැයි 02, 2021

    අද (02) දිනට මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 1716න් හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    එයින්, 17ක් විදේශගතව පැමිණි දේශීය පුද්ගලයන් වේ. ඉතිරි 1699 මෙරටින් හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තාවේ.

    වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එය ආසාදිතයින් 375ක් ලෙස. ගම්පහ ආසාදිතයින් 247ක්, කළුතරින් 158ක් සහ අනෙක් 919 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත.

    Latest News