ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි

අප්‍රේ 30, 2021

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.

    ගිඟුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Latest News