පොලිස් බලප්‍රදේශ 05ක් සහ ග්‍රාම නිලධාරී වසම් 04ක් හුදෙකලා කෙරේ

අප්‍රේ 30, 2021

    කොවිඩ්19 හේතුවෙන් පොලිස් බල ප්‍රදේශ 05ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයට අයත් දඹුල්ල, ගලේවෙල, මාතලේ සහ නාඋල යන පොලිස් වසම් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් බලප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට තීරණය කර ඇත.

    එසේම කුරුණෑගල පොලිස් බලප්‍රදේශයේ උඩුබද්දාව සහ ගල්අමුණ ග්‍රාම නිලධාරී වසම් දෙක, මොණරාගල පොලිස් බලප්‍රදේශයේ සියඹලාන්ඩුව හා හෙල්මුල්ල ග්‍රාම නිලධාරී වසම් ද වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට පියවර ගෙන තිබේ.

    Latest News