ජෝර්ජ් ඝාතනය කළ පොලිස් නිළධාරියා වරදකරු වෙයි

අප්‍රේ 21, 2021

    අමෙරිකාවේ,ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සුදු ජාතික පොලිස් නිලධාරී ඩෙරික් ෂෝවින්, ඊට වරදකරු බවට අධිකරණය තීන්දු කර තිබේ.

    තීන්දුව ප්‍රකාශයට පත් කළේ, සති 3ක් පුරා පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි.

    ඉකුත් වසරේ අමෙරිකාවේ මිනියාපොලිස් ප්‍රදේශයේ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අදාළ පොලිස් නිලධාරියා ඔහුගේ ගෙල ප්‍රදේශයට දරණහිස තබා ඝාතනය කළ බවට චෝදනා එල්ල විය.

    නඩු විභාගය සඳහා 12 දෙනෙකුගෙන් සමන්විත පූරි සභාවක් පත්කර තිබූ අතර, ඊට බහුවාර්ගික හෝ කළු ජාතික ජූරි සභිකයන් හය දෙනෙක් සහ සුදු ජාතිකයන් හය දෙනෙක් සම්බන්ධ වීම විශේෂත්වයක්.

    එහිදී ඩෙරික් ෂෝවින් නමැති 45 හැවිරිදි පොලිස් නිලධාරියාට එරෙහිව එල්ල වී තිබූ චෝදනා සියල්ලටම ඔහු වරදකරු බවට තීරණය කෙරිණ.

    තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමගම ඔහුට ඇප ලබා දීම ද අවලංගු වූ අතර, ෂෝවින් මාංචු දමා අධිකරණයෙන් පිටතට රැගෙන යන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    තීන්දුවට අදාළ දඩුවම පසුව ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

    කෙසේ වුවද, ඔහුට වසර 40ක පමණ සිර දඩුවමක් නියම වනු ඇතැයි, විදෙස් වාර්තාවල සඳහන්.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති ජෝ බයිඩන් කියා සිටියේ මෙය ඓතිහාසික අවස්ථාවක් බවයි.

    එසේම, තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමග එරට නගර රැසක ජනතාව සතුට සමරමින් පෙළපාලි දියත් කර තිබේ.

    Last modified on බදාදා, 21 අප්‍රේල් 2021 08:52

    Latest News