“සිනොෆාම්“ එන්නත් තොගය දිවයිනට

මාර් 31, 2021

    චීනයේ නිෂ්පාදිත “සිනොෆාම්“ එන්නත් මාත්‍රා ලක්ෂ 06ක තොගය රැගත් ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

    චීනයේ බීජිං නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 869 දරණ එම ගුවන් යානය අද (31) පෙරවරු 11.28ට ගුවන්තොටුපොළ වෙත ළඟා වූ බව වාර්තා වන්නේ.

    චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙම එන්නත් තොගය මෙරටට හිමිවිය.

    එන්නත් තොගය භාරගැනිමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා, රාජ්‍ය අමාත්‍යවරුන් වන මහාචාර්ය චන්න ජයසුමන හා සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ගුවන්තොටුපොළ වෙත පැමිණි බවයි වාර්තා වන්නේ.

    මෙම එන්නත් මාත්‍රා පළමුවෙන් මෙරට වෙසෙන චීන වැසියන් වෙත ලබාදීමට නියමිත බවයි සෞඛ්‍ය සේවා, වසංගත හා 'කොවිඩ් 19' රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ.

    සිනොෆාම් එන්නත ද මාත්‍රා දෙකක් ලබාගත යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

    Latest News