විදේශ විනිමය උපයා ගැනීමට හැකි සාර්ථක ව්‍යාපෘති සැලසුම් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්    

මාර් 09, 2021

    විදේශ විනිමය උපයා ගැනීමට හැකි සාර්ථක ව්‍යාපෘති සැලසුම් කරන්නැයි මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (08) පෙරවරුවේ උපදෙස් දුන්නේය.

    ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ විදේශ විනිමයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබඳ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් සමඟ මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.

    විදේශ ණය ලබා ගැනීමේ දී එම ණය පියවීම පිළිබඳව සළකා බලා සාර්ථක ව්‍යාපෘති පමණක් ක්‍රියාත්මක කරන ලෙස උපදෙස්  දුන් අග්‍රාමාත්‍යතුමා එම ව්‍යාපෘති ඔස්සේ විදේශ විනිමය උපයා ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කරගන්නා ලෙස ද උපදෙස් දුන්නේය.

    සාගර සම්පත් විශ්ව විද්‍යාලය සඳහා වන ව්‍යාපෘතිය මෙහි දී අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ අවධානයට ලක් වූයේය. එම විශ්ව විද්‍යාල ව්‍යාපෘතිය ඊට යාබද ප්‍රදේශයේ සංවර්ධනය ද ඉලක්ක කරමින් ක්‍රියාවට නංවන්නැයි අග්‍රාමාත්‍යතුමා අදාළ බලධාරීන්ට දැනුම් දුන්නේය.

    මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් අබේසේකර, අග්‍රාමාත්‍යතුමාගේ මුදල් අමාත්‍යංශ සම්බන්ධීකරණ ලේකම්වරුන්වන චරිත් විජේසිංහ, ගැමුණු කරුණාරත්න මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

     

     

    Latest News