නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයින් 13ක්

ජන 21, 2021

    නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයන් කොරෝනා ආසාදිතයින් දහතුන් දෙ‌නෙකු සොයාගත් බව කොළඹ මහ නගර සභාවේ වෛද්‍ය දිනුක ගුරුගේ මහත්මිය ප්‍රකාශ කළාය.

    මීට දින දෙකකට පෙර සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් මගින් එම කොරෝනා ආසාදිතයන් සොයා ගැණින. ඒ හේතුවෙන් අද (21) නාරහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ දී PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට තීරණය කල බව ගුරුගේ මහත්මිය සඳහන් කළාය. අද නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැලකින් එක් පුද්ගලයකු බැගින් පරීක්ෂාවට ලක් කෙරුණා.

    Latest News