නිරාවිය පාසල් 2ක් වැසේ

ජන 21, 2021

    අනුරාධපුර අධ්‍යාපන කලාපයේ නිරාවිය පිහිටි දේවානම් පියතිස්සපුර මහා විද්‍යාලය සහ අලි අස්වර් මුස්ලිම් විද්‍යාලය අද (21) දින සිට දින නියමයක් නොමැතිව වසා දැමිමට පියවරගත් බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්මලා ඒකනායක මහත්මිය පැවසුවාය.

    නිරාවිය ගම්මානයෙන් කොරෝනා රෝගීන් නව දෙනෙකු හමුවිම නිසා මෙම පියවර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු මධ්‍යම නුවරගම් පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් ඒකනායක මහතා මෙසේ පැවසිය.

    නිරාවිය ගම්මානයේ ස්වයං නිරෝධායනයට ලක්කොට තිබු නිවාස දහතුනක පුද්ගලයන් පිරිසක් පසුගිය 18 දින පිසිආර් පරික්ෂණයට ලක්කොට තිබුණි.

    එහිදි පුද්ගලයන් අට දෙනෙකුටම කොරෝනා රෝගය වැළදි ඇති බවට තහවුරු වුණා.මෙම පුද්ගලයන් අනුරාධපුර නගර සභාවේ සේවය කරන පිරිසක්.

    ඔවුන්ගේ දරුවන්ද මෙම පාසල්වල ඉගෙනුම ලබන නිසා මෙම පාසල් වසා දැමිමට තිරණය කොට තිබේ. මෙම ගම්මානයේ තවත් පුද්ගලයන් පනස් දෙනෙකු පමණ පිසිආර් පරික්ෂණයකට ලක්කිරිමට කටයුතු කරන බවද සමන් ඒකනායක මහතා පැවසිය.

    Latest News