පීඩන අවපාතයක් නිසා කාලගුණයේ වෙනසක්

නොවැ 22, 2020

    ගිනිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    එය ඉදිරි පැය 24 - 48 කාලය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකිය.

    මෙම පද්ධතිය බස්නාහිර - වයඹ දෙසට ගමන් කරනු ඇති අතර නොවැම්බර් මස 24 වන දින පමණ වන විට දිවයිනේ උතුරු - නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ වෙත ළඟා විය හැකිය.

    නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

    එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති වේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Latest News