2021 අය-වැය; ලබන 17 පාර්ලිමේන්තුවට

නොවැ 15, 2020

    2021 වර්ෂයට අදාළ අය-වැය අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබන 17 වැනි දින ප.ව. 1.40ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    රට තුළ පවතින වාතාවරණය යටතේ පාර්ලිමේන්තුවට මාධ්‍යවේදීන් කැඳවීම තාවකාලිකව අත්හිටුවා ඇති බැවින්, අය-වැය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමේ අවස්ථාවට අදාළ මාධ්‍ය ආවරණ කටයුතු මාධ්‍ය වෙත විවෘත නොවේ.

    ඒ් අනුව, අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වහාම ඒම ප්‍රකාශය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් විද්්‍යුත් තැපෑල මගින් සියලුම මාධ්‍ය ආයත වෙත යොමු කරන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි.

    අය-වැය ප්‍රකාශය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමේ අවස්ථාව ජාතික රූපවාහිනිය හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් සජීවි ලෙස විකාශය කෙරෙන අතර සෙසු විද්්‍යුත් නාලිකාවන් ඔස්සේ ද මෙම සජිවි විකාශය සිදුකරන මෙන් රජයේ දෙපාර්තමේන්තුව විසින් ඒම ආයතන වෙත ඉල්ලීමක් කර ඇත.

    Latest News