ජනපති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගනී ....

නොවැ 15, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (15) අළුයම ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය.

    පුදබිමට පැමිණි ජනාධිපතිතුමා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. අද උදෑසන ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා කිරි ආහාර පූජාව සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    රටවැසි සහ ලෝවැසි ජනතාව කොරෝනා වසංගතයෙන් මිදී සුවපත් වේවායි එහිදී ප්‍රාර්ථනා කෙරිණි.

    Latest News