මතට ඇබ්බැයිවූවන්ට උපදේශන සේවා සඳහා 1927 දුරකථන අංකය අමතන්න

නොවැ 14, 2020

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් සහ ඔවුන්ගේ සමීපතමයින්ට උපදේශන සේවා ලබාදීම වෙනුවෙන් විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදීමට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පියවර ගෙන තිබේ.

    ඒ අනුව 1927 කෙටි අංකය ඔස්සේ පැය 24 පුරා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මෙම උපදේශන සේවාව ක්‍රියාත්මක බව එම මණ්ඩලය පවසයි.

    වර්තමානයේ රට තුළ උද්ගතව ඇති කොවිඩ් -19 වසංගත තත්ත්වය සමග මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින් වඩාත් අවදානම් කණ්ඩායමක් බවට පත්ව ඇති අතර ප්‍රතිකාර හා උපදේශන සේවාවන්ට ප්‍රවේශවීමේදී ඔවුන්ට විවිධ ගැටළුවලට මුහුණපෑමට සිදුවන බව හඳුනාගෙන තිබේ.

    මේ හේතුවෙන් මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින් හා ඔවුන්ගේ සමීපතමයින් මුහුණපාන ගැටළු සඳහා අවශ්‍ය උපදේශන සේවාවන් කඩිනමින් සැපයීම වෙනුවෙන් මෙම දුරකථන අංකය හඳුන්වාදී ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කරයි.

    Latest News